රුවන්පුරට මිණි පහනක් බඳු දෙමුවාත සොඳුරු විදුබිම.....
සුන්දර නිල්වන් රක්වාන කඳු පන්තියෙන් ද පසෙකින් ලොව පසිඳු සිංහරාජ වන අරණෙහි පහස ලද පන්නිල කඳු වළල්ලෙන් ද තවත් පසෙකින් නා හිටිය වන රක්ෂිතය ද මායිම් කොටගෙන පිහිටි දෙමුවාත නම් වූ සොඳුරු ගම් පියසට නැණ ගුණ සුවඳ විහිදුවන මාණික්‍ය ප්‍රදීපයක් බඳු රක්වාන රබි දෙමුවාත මහා විදුබිම අපට හමුවන්නේ මාදම්පේ රක්වාන මහා මාර්ගයේ ස්ටෝරු කඩේ නමින් ප්‍රකට හන්දිය ඔස්සේ පන්නිල දෙසට වැටී ඇති මගෙහි මීටර් 200 පමණ ගිය තැනදී ය.
ස්ටෝරු කඩේ සිට පන්නිල දෙසට ගමන් කරන මාර්ගයේ දෙපස දක්නට ලැබෙන මෙමවිදුබිම ආරම්භ කොට ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය වතුකරය ආශ්රිත විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයක් සහිත ග්‍රාමීය ජනතාවක් වාසය කරන මෙහි 1942 වර්ෂයේදී ළමුන් 10 දෙනෙකුගෙන් මෙම විදුලි ආරම්භ කොට ඇත හෙළ ඉතිහාසයේ පටන් ගමේ පොදු වැඩ වලදී පෙරමුණ ගෙන ක්‍රියා කරන ගමේ පන්සල මෙම උතුම් කාර්යයේ දී ප්‍රමුඛයා ලෙස කටයුතු කළේය. ඒ දෙමුවාත ශාන්ති නිකේතනාරාමය විහාරස්ථානයේ එවකට නායක සමිඳුන් වැඩ විසූ අති පූජ්‍ය පන්නිල පියරතන නායක සමිඳුන් ගේ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ ය.
මෙම කාර්යයේදී පන්නිල පියරතන නායක සමිඳුන් සමග එක්වූ මැණික් ව්‍යාපාරික එම්.ඒ . බබුන් අප්පුහාමි මහතා,එම්.එල් ජිනදාස වෙද මහතා, ආර්.එම් අන්දෝරිස් සිල්වා මහතාජී. ඒ. පුංචිඅප්පුහාමි මහතා සහ ලොකු සිංඤෝ උපාසක මහතා යන අය එක්ව පන්සල් වත්ත පාමුල දෙමුවාත ප්‍රධාන මාර්ගය අසල අඩි 30 තිහක් පමණ වන තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කොට එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය.
ඉන් අනතුරුව එයින් නොනැවතුණු මෙම පිරිස පන්සලට යාබද වර්තමානයේ පාසල පිහිටි තණකොළ වත්ත නැමැති ඉඩම පාසල වෙත වෙන්කොට ගෙන වර්තමානයේ ගුරු නේවාසිකාගාරය සහ විදුහල්පති කාර්යාලය පවත්වාගෙන යන ස්ථානය වන 40x20 ශාලාව ඉදිකර එම ස්ථානයේ සිට පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ලදී. මෙම පාසලේආරම්භක මුල් ගුරුතුමා බවට පත්වූයේ සේනාරත්න මහතාය . මෙම පාසලට ප්‍රථමයෙන්ම ඇතුළත් වන ලද සිසුවා වූයේ ආර් එම්. සමතපාල මහතාය. ඉන්පසුව එම් ජයසිංහ මහතාත්, එම්.ඒ මහින්දපාල මහතාත්,බී. ඒ. කළු මහතාත්, නෝබට් පෙරේරා මහතාත්,හරමානිස් අප්පුහාමි මහතාත් ,පියසේන මහතාත්, ආතර් මහතාත් ,ඒ ඒ සෝමාවතී මහත්මියත්, පොඩි මැණිකේ මහත්මියත් පිළිවෙලින් පාසලට ඇතුළත් වී ඇත. ආරම්භක අවධියේදී ප්‍රාථමික පාසලක් ලෙස 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා මෙහි පන්ති පවත්වා අධ්‍යාපන කටයුතු සිදු කරගෙනගොස් ඇත.
වර්තමානයේ මෙම විදුබිමෙහි විදුහල්පතිවරයා වනුයේ කේ .එම් .විජිත් දේශප්‍රිය මහතාය. 2022 වර්ෂය වන විට මෙම විදු බිම අරඹා වසර අසූවක් සපිරේ. බොහෝ දුක් කම් කටොලු මැද 1942 වර්ෂයේදී මුල් ගුරුතුමා සහ තවත් උප ගුරුවරියකගෙන් ආරම්භ කරන ලද මෙම විදු බිමෙහි වර්තමානයෙහි ඇදුරු මඩුල්ල හතළිහකි(40).මෙහි අධ්යාපනයනය හදාරන සිසු දරු දැරියන් අටසීයයකට ආසන්නය.දශක අටක ඉතිහාසයේ ආ ගමන් මග සුන්දර වූ ගමන් මගක් නොවූව ද පසුගිය වකවානුව තුළ දෙමුවාත විදු මාතාව ලද ජයග්‍රහණ අපමණය. පාසල ආරම්භ කොට වසර 54 ක් සපිරෙන දා ප්‍රථම විශ්ව විද්‍යාල ශිෂ්‍යාව බිහිවීම සහ අනතුරුව සරසවි වරම් ලබන්නට බොහෝ සිසු සිසුවියන් ප්‍රමාණයකට අවස්ථාව උදාවීම සහ එලෙස අධ්‍යාපනය ලැබූ උපාධිධරයන් කිහිපදෙනෙකු ම මෙම විද්‍යාලයේ වත්මන් ආචාර්ය මණ්ඩලයට ඇතුළත් වී සිටීම විදු මාතාව ලද අනගි ජයග්‍රහණයකි. දෙමුවාත විදු මාතාවගේ පළමු දශක පහ බොහෝ මන්දගාමීව ගමනක යෙදුනද ආසන්නතම දශක තුන තුළ ඉතා විධිමත් වූ ක්‍රමවත් වූ හරවත් ගමන්මගකට මෙම විදු බිම ප්‍රවිෂ්ට වී ඇති බව නොරහසකි.
මෙසේ පාසල ඉහළ තලයකට රැඳවීමට එවකට ඒ සඳහා පුරෝගාමී වූ විශ්‍රාමලත් විදුහල්පති එම් .ජයසිංහ මහතාට ද විශ්‍රාමලත් විදුහල්පති ඩී.දනපාල දසනායක මහතාට ද මේ මොහොතේ විශේෂ ගෞරවය හිමිවන අතර වර්තමානයේ ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල්වී වසර දොළහකට අධික කාලයක පටන් මෙම විදුබිමෙහි සියලු ම දුවාදරුවන්ගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙමින් අනෙක් අමිල මෙහෙවරක යෙදෙන වත්මන් විදුහල්පති කේ.විජිත් දේශප්‍රිය මහතාට ද විශේෂ ගෞරවය හිමි වේ.
වර්තමානයේ පාසලේ එක ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ කලා අංශය දක්වා සිසු දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දෙන අනේක කුසලතාව කින් පිරිපුන් ආචාර්ය මණ්ඩලයකින් හෙබි දෙමුවාත විදුපියස දිනෙන් දිනම ජයග්‍රහණය මං සලකුණු සොයා යන ගමන ප්‍රශංසනීයයි. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ගොඩකවෙල කොට්ඨාසයට අයත් දෙමුවාතවිදුබිම දෙමුවාත, පන්නිල, දිගන්දල, බාඳුරාදෙණිය, හොරමුල, බටහේන, අලුත් පාර, වලව් කඩේ, කොට්ටල, වෙරළුගහමුල, අතුලපුර, නො.05 ආදී ගම්මාන රැසක නිවැසි දුවාදරුවන්ට දශක අටක් තිස්සේ නැණස පෑදූ තක්සලාවක් ලෙස චිරාත් කාලයක් දැනුම, කුසලතා, ආකල්ප බෙදමින් දූ දරුවන් රැසකට ආලෝකයක් වනු නොඅනුමානය.
අංගසම්පූර්ණ ආචාර්ය මණ්ඩලයක් සිටීම, සිට 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති පැවැත්වීම, ප්‍රමාණවත් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල දායකත්වයක් නොමදව ලැබීම, සක්‍රීය පාසල් සංවර්ධන සමිතිය, සම්පත් පුද්ගල, සුභ පතන්නන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය නොමදව ලබන දෙමුවාත විදු මාතාව දිනෙන් දින ජයග්‍රහනය ඉස්මත්තට ම පියවර නගමින් සිටී.
දිර්ඝ කාලයක සිට දෙමුවාත මහා විද්‍යාලයේ අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරය,සුහුරු පන්ති පන්ති කාමරයක් ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය,උපදේශන ඒකකය,ගණිතාගාරය,සෞන්දර්ය අංශය,ආරක්ෂාකාරී ලෙස සැකසුණු ක්‍රීඩා පිටිය,ක්‍රීඩාගාරය වත්මන් විදුහල්පති විසින් විජිත්දේශප්රිය මහතාගේ කැපවීම හා නිවැරදි මග පෙන්වීම හා උපදෙස් මත ආචාරය මණ්ඩලය අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මෙන්ම සිසු දරු දැරියන්ගේ කැපවීමත් අධ්‍යාපන නිල දරුවන් හා දෙමාපිය ප්රජාවගේද කැපවීමත් මත පාසල ලද මහගු සම්පත් දායාදයන්ය.පාසලේ දරු දැරියන්ගේ සහජ හැකියා වර්ධනය කර ගැනීමටත්,අනේකවිද නිපුණතා වර්ධනය උදෙසාත් ,ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවීම උදෙසාත්,මෙම මහඟු භෞතික සම්පත් පිටිවහලක් වේ.
දරුවන් අනාගත ලෝකයට දායාද කිරීම උදෙසා ගනු ලබන මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහය මල්ඵල ගැන්වෙන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.
දෙමුවාත විදුමාතාව බිහිකළ දරුවෝ වර්තමානයෙහි සමාජගතව වැඩදායි යහපත් පුරවැසියන් බවට පත්ව විවිධ නිලතල දරමින් රටදැය උන්නතිය උදෙසා විශාල කාර්යභාරයක නියැලී සිටිති.දෙමුවාත ශාන්ති නිකේතනාරාමය පන්විල බුදුගල්ලෙන චන්ද්‍රාරාම උභය විහාරාධිපති ,අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගොඩැල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ එදා දෙමුවාත විදුමාතාව බිහිකළ අද සසුනභර දිදුලන සංඝපීතෘන් වහන්සේ නමකි.
එසේම මෙම විද්‍යාලයේ ආදි සිසුන්ද ලක්දිව පසිදු විදග්ධ භික්ෂුන් වහන්සේලා ලෙස රට දැය සමය වෙනුවෙන් මහඟු මෙහෙවරක යෙදී සිටිති.දෙමුවාත විදුමාතාව කේන්ද්‍රකොටගෙන සිප්සතර හැදෑරෑ සිසු දරු දැරියන් අතර වෛද්‍ය,නීති ,ගුරු හා අනෙකුත් විවිධ රාජය සේවාවන්හි නියැලෙමින් මහඟු මෙහෙවරක යෙදී සිටින නිලධාරින් සිහි කරනුයේ මහත් සතුටිනි.එසේම මෙම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ප්‍රජාව බොහොමයක් ම මෙම විදු බිමෙන් බිහි වී ඇති අතර අද ද විදුහලේ උන්නතිය උදෙසා ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ඉමහත් බවද ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයෙනි.මෙසේ අධ්‍යාපන දිවිමගේ දිගු ගමනක යෙදෙමින් සිටින දෙමුවාත විදුබිම ගුණනැණ සපිරි අනාගත පුරවැසියන් සමාජගත කරවීමට ගන්නා උත්සාහය තව තවත් මල් ඵල ගැන්වේවා යි ප්‍රාර්ථනා කරනුයේ හද පිරි සොම්නසිනි.
|
ආරම්භ කළ වර්ෂය |
1942 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
07 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්.ඒම්.සමතපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |