පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-13)
කමිසය
- කොලර් බොත්තමේ සිට දෙවන බොත්තමට දුර අගල් තුනකි.බොත්තම් පටියක් නැත.
- කමිස අත වාටිය වැලමිට ඇතුලු පැත්තෙ සිට අගල් දෙක හමාරක් ඉහලින් තිබිය යුතුය.
- කමිසයේ පහල කෙලවර කවාකාර විය යුතුය.
- පිටුපස ප්ලීඩ්ස් නැත.
- උරහිස තද නොවන ලෙස ලිහිල්ව පැවතිය යුතුය.
- තනි මැස්මෙන් නිම කල තිබිය යුතුය.
- සාක්කුවට පාසලේ නිල ලේබලය මසා තිබිය යුතුය. සාක්කුවේ හැඩය මෙහි දැක්වෙන පරිදි විය යුතුය.
- අනෙකුත් සියලු අංග රූප සටහනෙහි දැක්වෙන පරිදි විය යුතුය.
කලිසම
- කලිසම ඉන පටිය ලෝන්ග් බෑන්ඩ් ක්‍රමයට ලූප්ස් නොමැතිව මසා කෙලවර හක් එකක් යෙදිය යුතුය.
- කලිසම ඉදිරිපස ප්ලීඩ්ස් දෙක බැගින් දෙපසට හතරක් විය යුතුය.
- ඉදිරිපස ක්ලාන්ට් වර්ගයේ සාක්කු දෙකක් යෙදිය යුතුය.
- පිටිපස දකුනේ හිප් වර්ගයේ සාක්කු එකකි.පිටුපස ප්ලීඩ්ස් නැත.
- තනි මැස්මෙන් නිම කර තිබිය යුතුය.
- ෆෝල්ඩ් අගල් දාසයක් විය යුතුය.
- අනෙකුත් සියලු අංග රූප සටහනෙහි දැක්වෙන පරිදි විය යුතුය.

ගැහැණු ළමුන් (1-13)
සුදු ගව්ම
- ඉදිරිපස විවරය ගෙල මුලට කර පියවෙන අයුරින් බොත්තම් අල්ලා තිබිය යුතුය.
- ගවුම් අත වාටිය වැලමිට ඇතුලු පැත්තේ සිට අගල් තුනක් ඉහලින් තිබිය යුතුය. අත අග(අතේ ලිහිල) අතේ වට ප්‍රමානයට වඩා අගල් 1.5ක් වැඩිපුර තිබිය යුතුය.
- ඉණ තිබිය යුත්තේ ශිෂ්‍යාව කෙළින් සිටගෙන ඇගිලි තුඩින් කරාබුව ඇල්ලූවිට අතේ වැලමිටේ යට කෙලවර පිහිටන ස්ථානයේය.
- බද පටිය අගල් දෙකක් පලලින් යුතුව ඉන මැදට පිහිටන අයුරින් ගව්මේ දකුනු පසින් සම්බන්ද කොට ශර්ට් බොත්තමකින් පියවීමට හැකි වන ලෙස තිබිය යුතුය.
- ඉදිරිපස සහ පසුපස මැද පෙට්ටි රැලි එකක් හා සමාන්‍ය රැලි දෙක බැගින් දෙපසට යෙදිය යුතුය.
- ගවුමේ උස ශිෂ්‍යාව බිම දන ගැසූ විට පහල වාටිය බිම ගෑවෙන පරිදි විය යුතුය.
- උරහිස තද නොවන ලෙස ලිහිල්ව පැවතිය යුතුය.
- තනි මැස්මෙන් නිම කර තිබිය යුතුය.
- සාක්කුවේ රූපයේ දැක්වෙන හැඩයට පාසලේ නිල ලේබලය සහිතව මසා තිබිය යුතුය.
- ටයි පටියෙහි පහල කෙලවර බද පටියට වඩා අගල් දෙකක් පහතින් තිබිය යුතුය.
