08 Sep2023 නර්තන ජයග්‍රහණ සබරගමුවේ දෙවන තැන දෙමුවාත විද්‍යාලයට...... පහතරට භාවාදීතාලය සිංදු වන්නම(සමූහ) සහ උකුසා චරිතය නිරූපණය(ඒකල) තරග වලින් ජය ලැබූ අපේ දරුවෝ සහ එම දරුවන්ට නිවැරදි මග පෙන්වන අපේම ගුරුභවතුන්....... ඇඹිලිපිටිය කලාපයේ කේවල සහ සමූහ නර්තන තරගාවලියෙන් දෙමුවාත විද්‍යාලයට පළමු තැන...... ඊයේ පාසල් නිවාඩු දුන්නේය. නමුත් අද දින අප පාසලේ නර්තන විෂය භාර ගුරු භවතුන් වන ගයනි පරණයාපා ගුරුතුමිය මලීෂා ගුරුතුමිය අයේෂා ගුරුතුමිය අප පාසලේ කුසලතාදී ශිෂ්‍යාවන් නර්තන තරග සදහා ඇඹිලිපිටිය ජාතික පාසලට කැදවාගෙන ගියේ තවත් ජයග්‍රහණයකින් දෙමුවාත විදු මාතාව සරසවන්නටය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ කරමින් අද දින ඉදිරිපත් වූ කේවල සහ සමූහ දෙඅංශයෙන්ම ඇඹිලිපිටිය කලාපයේ පුථමයා වීම වෙනුවෙන් අප විද්‍යාලයේ නර්තන තරග සදහා ඉදිරිපත් වූ සියලුම ශිෂ්‍යාවන් හට උණුසුම් සුභ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටෙනි. සබරගමුව පළාතේද පළමු තැන ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පුාර්ථනා කරන්නෙමු. මාධ්‍ය ඒකකය දෙමුවාත විද්‍යාලය 2023/07/22.
31 Oct2022 දෙමුවාත විදුබිම අත්කරගත් ජයග්‍රහණ... ඵලදායීතා තරගාවලියේ සමස්ත ලංකා තෙවන ස්ථානය ලබා ගැනීම,සබරගමු පළාතේ පාසල් අතර පැවති ඵල සපිරි පාසල් Read more ...
31 Oct2022 34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ 34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ රැසක් දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය දිනා ගනියි.පසුගිය දා කුලරත්න විද්‍යාලයේ පැවති 34 වන යෞවන මලල කීුඩා උළෙලට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය සහභාගි වූයේ තවත් ජයග්‍රහණය රැසක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එය හරියටම හරි ගියේය. එනම් බාලිකා දැල්පන්දු අනුශූරතාවයත් බාලිකා අත් පන්දු අනුශූරතාවයත් පමණක් නොව මලල කීුඩා ජයග්‍රහණය රැසකුත් සමග සමස්ත අනු ශූරතාවය දිනා ගැනීමට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජයට හැකි විය. අප විද්‍යාලයේ ගරු විදුහල්පති තුමාගේ උපදෙස් මත මෙහෙයවන කීුඩා අංශයේ සියලු ගුරු භවතුන්ගේ මගපෙන්වීමෙන් ලබන මෙම ජයග්‍රහණය සැම දෙනාටම ලොකු සතුටක්. මලල කීුඩා තරගවලදී පහත නම් සදහන් සිසුන් විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා.. 01.ආර්.එච්.එම්.එන්.දේශාන්02.කේ.ජනිත කෞෂාල්03.සසිදු කල්හාර04.හෂාන් ජයතුංග05.සසිදු නිම්සර06.කේ.වී.ටී.නෙත්මි නිම්ෂාඉහත නම් සදහන් සියලුමදූ දරුවන්ට සුභ පතන ගමන් සෞඛ්‍යය සම්පන්න කුසලතාවාදී දරු කැලක් දෙමුවාතින් රටට දායාද වේවායි පුාර්ථනා කරනවා. මාධ්‍ය ඒකකයර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය 2023/09/05.
08 Sep2023 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2022 කුසලතාවයෙන් දෙමුවාත විදු මාතාව බබළවන දයාබර දියණියනි, පුතනුවනි, ඔබට ජයෙන් ජයම වේවා!