• (+94) 045-2246130
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DEMUWATHA M.V.

ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය

Embilipitiya Zone

  • Register
  • Login
DEMUWATHA M.V.

ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

About our school

  1. Home
  2. ජයග්‍රහණ

ජයග්‍රහණ

08 Sep2023

දැල්පන්දු කණ්ඩායමේ ශිෂ්‍යාවන්

අභියෝග මැදින් පෙරටම.......
 
දෙමුවාත දරුවෝ දක්ෂයෝය.සෑම අතින්ම ඉදිරියට යන්නට උත්සාහ කරති.ඒ සදහා ගරු විදුහල්පති තුමාගේ නායකත්වය මෙන්ම ඒ ඒ විෂය භාර ගුරුවරුන්ගේ කැපවීමද අති මහත්ය.
පසුගිය දිනවල අප පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ශිෂ්‍යාවන් සබරගමුව පළාත් යන්නට සුදුසුකම් ලැබූවද ගමනට අවශ්‍ය මුදල් සොයා ගැනීම අභියෝගාත්මක විය. නමුත් පසුබට වූයේ නැත. අච්චාරු පැලක් කොට මුදල් ටිකක් සොයා ගත් අතර මේ බව දැන ගත් අළුත් පාර ආරියදාස ජෙම්ස් අධිපති ආරියදාස මැතිතුමා රුපියල් දස දහසක් පරිත්‍යාග කළේ දරුවන්ට තරගයට යන්නට ගමන් වියදම් පියවා ගැනීමටය. එමෙන්ම දෙමුවාත කේ.ඒ.මුනිදාස මහතාගේ ආදරණීය පුතණුවන් වන රසිකා කොඩිතුවක්කු මැතිතුමා රුපියල් දස දහසක් පරිත්‍යාග කළේ ගමන් වියදම් පියවා ගන්නටය.
අපේ දැල්පන්දු කණ්ඩායම සබරගමුව පළාත් තරගයට සහභාගි වූයේ ඒ විදිහටය. සිසු දරුවන් දක්ෂ වන අප පාසලට මෙවැනි පරිත්‍යාගශීලින් සිටින බව සිහිපත් කරන්නේ හෘදයාංගම වූ සිතිණි.
 
මාධ්‍ය ඒකකය
ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය
2023/0817.
08 Sep2023

අ.පො.ස.(සා/පෙළ) 2022 විභාගය

08 Sep2023

සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරග

ගමන සුභයි ජය නියතයි.
 
සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරගාවලියේ පළමු තැන දෙමුවාත විද්‍යාලයට........
 
එදා සෙනසුරාදා දිනයකි. උදෑසන ම අප පාසලේ දූ දරුවන් සූදානම් වූයේ සංගීත සමූහ තරගාවලිය සදහා ඇඹිලිපිටිය උඩගම විද්‍යාලයට යාමටය. උදෑසනම බුදුන් වැද පිටත් වූ ගමන සුභ ගමනක් වීමට හොදටම අවකාශ තිබුණි.
මක් නිසාද යත් මෙම සංගීත තරගාවලියට අභියෝගයක්ව පැවතිණි එනම් මෙම තරගාවලියට සහභාගි වීමට පැවතියේ සීමිත දින කීපයකි. ගුරු තුමියද නවකය. පෙර පුහුණුව සිදු කළේ ද කඩිනමින්ය.ඒ මදිවාට මෙම තරගාවලියට සහභාගි වන සිසුවියන් කීපදෙනෙක් ඇඹිලිපිටිය රජකීය පාසලේ කලාප සිංහල භාෂා දින තරගයටද සුදුසුකම් ලබා තිබුණි.එයදයෙදී තිබුණේ එදාටමය.
නවක ගුරු තුමිය ඒ කිසිවකින් සැලුණේ. ඇය ගුරු වෘත්තියට නවක වුවද වැඩ වලදී පෙන් වූයේ අත්දැකීම් සපිරි දක්ෂ ගුරුවරියකගේ කුියාකලාපයකි.
අවසානයේ තරගයට ඉදිරිපත් වූ සංගීත අංශයේ සමූහ තරගාවලියෙන් දෙමුවාත විද්‍යාලය ඇඹිලිපිටිය කලාපයේ පළමුවැනියා විය.
තෙරුවනේ බල මහිමයත් ගරු විදුහල්පති තුමාගේ නිවැරදි උපදේශකවයත් තරුණ ගුරුතුමියක වූ සචිනි ගුරු මෙනවියගේ කැපවීමත් මෙන්ම කුසලතාවාදී දරුවන්ගේ දක්ෂතාවයත් සමග දෙමාපිය ආශීර්වාදයත් සමග නැවතත් දෙමුවාත විදු මාතාව ඉතා ඉහළින්ම ඔසවා තබන්නට සැමට හැකිය.
 
මාධ්‍ය ඒකකය
ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය
දෙමුවාත.
2023/07
 
 
08 Sep2023

අභ්‍යාස පොත් කට්ටල බෙදා දීම

ර/අැඹි/දෙමුවාත විද්‍යාලයේ සිසු දූ දරුවන් 350කට ආසන්න පිරිසකට හේෂා විතානගේ පදනම මගින් අභ්‍යාස පොත් කට්ටල බෙදා දීම අද දින (2023/06/13) අප දෙමුවාත පාසලේදී සිදු විය.
 
මේ සදහා කටයුතු කළ සැමට පාසල වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පිරිනමන්නෙමු.
08 Sep2023

කොඩි කණු එසවීමේ අංගනය

දෙමුවාත විද්‍යාලයට කොඩි කණු එසවීමේ අංගනයක් නුදුරේදීම....
 
දෙමුවාත විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද හරි අපූරුය. එනම් ඔවුන් තමාගේ ජීවිත ගොඩනැගූ තම ආදරණීය පාසලේ දියුණුවට යමක් සිදු කිරීමට සිය ගත සිත යෙදවීමට කිසිවිටක පසුබට නොවේ.
ඒ අනුව අප විද්‍යාලයේ වත්මන් විදුහල්පති තුමාගේ උපදෙස් මත පහත ඡයාරූපයේ දක්නට ලැබෙන කොඩි කණු එසවීමේ අංගනයක් ඉදි කිරීමට 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත්ව සිටිති.
එය ඉතා සුභදායී ආරංචියකි.ඒ අනුව ඉදිරියේදී පාසලේ ඉදි වෙන කොඩි කණු එසවීමේ අංගනය උත්සව අවස්ථාවක පමණක් නොව පාසලටම අභිමානයක් ගෙනේවි.මෙලෙස මෙම කටයුත්ත සිදු කිරීමට මහන්සි වන 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායමට සුභ පතන්නෙමු.
 
මාධ්‍ය ඒකකය.
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය.
2023/08/24.
  • 1
  • 2
  • 3
  • 4

Search

Achievement Categories

  • Academic Achivements

    • Gallery
  • Sport Achivements

    • News & Highlights
      • Academic News
      • Sport News
      • Announcement
      • අච්චාරැ පැල
  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

DEMUWATHA M.V.

ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • ජයග්‍රහණ
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • අපේ පාසල ගැන

Contact us

  • ලිපිනය ‌දෙමුවාත, රක්වාන
  • දුරකථන(+94) 452246130

Supported By

© 2026 DEMUWATHA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk