ගමන සුභයි ජය නියතයි.
සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරගාවලියේ පළමු තැන දෙමුවාත විද්‍යාලයට........
එදා සෙනසුරාදා දිනයකි. උදෑසන ම අප පාසලේ දූ දරුවන් සූදානම් වූයේ සංගීත සමූහ තරගාවලිය සදහා ඇඹිලිපිටිය උඩගම විද්‍යාලයට යාමටය. උදෑසනම බුදුන් වැද පිටත් වූ ගමන සුභ ගමනක් වීමට හොදටම අවකාශ තිබුණි.
මක් නිසාද යත් මෙම සංගීත තරගාවලියට අභියෝගයක්ව පැවතිණි එනම් මෙම තරගාවලියට සහභාගි වීමට පැවතියේ සීමිත දින කීපයකි. ගුරු තුමියද නවකය. පෙර පුහුණුව සිදු කළේ ද කඩිනමින්ය.ඒ මදිවාට මෙම තරගාවලියට සහභාගි වන සිසුවියන් කීපදෙනෙක් ඇඹිලිපිටිය රජකීය පාසලේ කලාප සිංහල භාෂා දින තරගයටද සුදුසුකම් ලබා තිබුණි.එයදයෙදී තිබුණේ එදාටමය.
නවක ගුරු තුමිය ඒ කිසිවකින් සැලුණේ. ඇය ගුරු වෘත්තියට නවක වුවද වැඩ වලදී පෙන් වූයේ අත්දැකීම් සපිරි දක්ෂ ගුරුවරියකගේ කුියාකලාපයකි.
අවසානයේ තරගයට ඉදිරිපත් වූ සංගීත අංශයේ සමූහ තරගාවලියෙන් දෙමුවාත විද්‍යාලය ඇඹිලිපිටිය කලාපයේ පළමුවැනියා විය.
තෙරුවනේ බල මහිමයත් ගරු විදුහල්පති තුමාගේ නිවැරදි උපදේශකවයත් තරුණ ගුරුතුමියක වූ සචිනි ගුරු මෙනවියගේ කැපවීමත් මෙන්ම කුසලතාවාදී දරුවන්ගේ දක්ෂතාවයත් සමග දෙමාපිය ආශීර්වාදයත් සමග නැවතත් දෙමුවාත විදු මාතාව ඉතා ඉහළින්ම ඔසවා තබන්නට සැමට හැකිය.
මාධ්‍ය ඒකකය
ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය
දෙමුවාත.
2023/07