දෙමුවාත විද්‍යාලයට කොඩි කණු එසවීමේ අංගනයක් නුදුරේදීම....
දෙමුවාත විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද හරි අපූරුය. එනම් ඔවුන් තමාගේ ජීවිත ගොඩනැගූ තම ආදරණීය පාසලේ දියුණුවට යමක් සිදු කිරීමට සිය ගත සිත යෙදවීමට කිසිවිටක පසුබට නොවේ.
ඒ අනුව අප විද්‍යාලයේ වත්මන් විදුහල්පති තුමාගේ උපදෙස් මත පහත ඡයාරූපයේ දක්නට ලැබෙන කොඩි කණු එසවීමේ අංගනයක් ඉදි කිරීමට 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත්ව සිටිති.
එය ඉතා සුභදායී ආරංචියකි.ඒ අනුව ඉදිරියේදී පාසලේ ඉදි වෙන කොඩි කණු එසවීමේ අංගනය උත්සව අවස්ථාවක පමණක් නොව පාසලටම අභිමානයක් ගෙනේවි.මෙලෙස මෙම කටයුත්ත සිදු කිරීමට මහන්සි වන 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායමට සුභ පතන්නෙමු.
මාධ්‍ය ඒකකය.
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය.
2023/08/24.