- විවේක කාලය සඳහා සීනුව නාද වූ පසු ආහාර ගත යුතුය. ආහාර ගැනීමෙන් පසු පංතිය අපිරිසිදු වී ඇත්නම් පිරිසිදු කළ යුතුය. මේ කාලය තුල ක්රීඩා පිටියට හෝ පාසැලෙන් බැහැරව යාම තහනම්ය.
- පාසල පටන් ගැනීමට පෙර විවේක කාලය තුල මිදුල්වල ක්රීඩා නොනළ යුතුය. පාසැලේදී ක්රීඩා කරන එකම ස්ථානය ක්රීඩා පිටිය පමණක් බව සැලකිය යුතුය.
- කිසියම් පාඩමක් සඳහා එලිමහන් පංතියට හෝ වෙනත් පංති කාමරයකට යාමේදී එක් පෙලකට යා යුතුය.
- සෑම කල්හිම පාසලේ ගෞරවය ගුරු ගෞරවය ආරක්ෂා කළ යුතු අතර ගුරු මණ්ඩලයේ සියළුම දෙනා තම ගුරුවරුන් ලෙස සැලකිය යුතුය.
- පාසැල ඇරීමට පෙර පළමුවන සීනුව නාද වූ විට පංති අස්පස් කළ යුතුය. දෙවන සීනුව නාද වූ විට නැඟිට සිටිය යුතුය. තුන්වන සීනුවට හැමදෙන එක්ව ගාථා ගායනා කළ යුතුය. හතරවන සීනුව නාද වූවිට පේලි සෑදී බැහැරව යා යුතුය. පාරේ දකුණු පසින් යා යුතු අතර අතරමගදී කිසියම් චෝදනාවක් නොවන ලෙසට
හැසිරිය යුතුය.
- විදුහලේ සියළුම රැස්වීම් වලට සිසුන් උනන්දුවෙන් සහභාගී විය යුතුය. ක්රීඩා කටයුතු පාසැල් කාලයෙන් පසු කෙරෙන්නේ නම් ගුරුමහතකුගේ හෝ මහත්මියකගේ අනු දැනුම ඇතිව සහභාගී විය යුතුය.
- විදුහල්පතිතුමාගේ අනු දැනුමක් නැතිව බාහිර කිසිම සංවිධානයකට හෝ පංතියකට නොබැඳිය යුතුය.
- ගෙදරදී කිරීමට පැවරෙන වැඩ අතපසු නොකර නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.
- ඉගෙනීමේ කටයුතු වලට හැම කල්හිම මූලිකත්වය දිය යුතු අතර අමතර දැනුම දියුණු කර ගැනීමට උනන්දු විය යුතුය.
- ගුරු දෙඟුරු සම්බන්ධතා පොත සෑම ළමයෙකු ළඟම තිබිය යුතු අතර දිනපතා රැගෙන ආ යුතුය.