විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය

ගුණ නැණින් සපිරි සුසමාහිත, මනා පෞරුෂයකින් හෙබි ඵලදායි දරුවන් අනාගත ලෝකයට දායාද කිරීම යන උදාරතර දැක්ම කරා විදු යාත්‍රාව නිවැරදි මග ඔස්සේ දිශාගත කොට එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, ඇඳුරු මඩුල්ල අධ්‍යාපන නිලදරුවන් හා ආදි ශිෂ්‍ය සහාය ලබා ගනිමින් දෙමුවාත විදු මෑණියන් තමන් බිහි කරන දරු දැරියන් විවිධකුසලතාවයන්ගෙන් හෙබි යහපත් පුරවැසියන් ලෙස සමාජගත කරවීමේ මහඟු මෙහෙවරක යෙදී සිටින බව ප්‍රකාශ කරනුයේ ඉමහත් සතුටිනි.
අනේක විදි දුෂ්කරතා මධ්‍යයේ තමදරුවන්ට ශිල්ප ඥානය ලබාදෙනු වස් දෙමාපියන් පාසල් ගත කරන තම දරුදැරියන්ට නිසි මග පෙන්වමින් දැනුම යහපත් ආකල්ප හා විවිධ කුසලතාවයන් හා නව පරිගණක තාක්ෂණිකඥානයේ පරිපූර්ණව හෙට වැඩ ලෝකයට හැඩ ගැස්වීමේ දුෂ්කර කර්තව්‍ය අප සැම නිරතව සිටින බව නොරහසකි.එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ විෂයයන් ඔස්සේ සිසුදරුදැරියන් ලබන ජයග්‍රහණ හා අබිමන්හමුවේ අප ලබන සතුට ඉමහත්ය.
විභාග ඉලක්ක කොට ගත් ඉගෙනුම් ඉගැන්වීම්ක්රියාවලියට අමතරව විෂය සමගාමී හා විෂය බාහිරක්රිකාරකම්වලින් සිසුදරුදැරියන් දැනුම පමණක් හිසදරා ගත්තත් නොව, විවිධ කුසලතා සහ ශක්තීන්ගෙන්පිරිපුන්, විනයගරුක යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමට අවැසි පසුබිම පාසල තුළ සකසා ඇත.සිංහල භාෂා දිනතරඟ, සංගීත, නර්තන, නාට්‍ය, චිත්‍ර තරඟ, සමාජ විද්‍යාව, ගණිත, තරඟ ආදී තරඟවලින් කලාප, පළාත්, සමස්ථලංකා ජයග්‍රහණ වාර්ෂිකව අප පාසලෙහි දරුදැරියන් අත්කරගෙන තිබේ
අප විද්‍යාලය තුළ පරිගණක විද්‍යාගාරය තුළින් පරිගණක තාක්ෂණ දැනුමින් පෝෂිතදරුදැරියන්ගේ හෙට තාක්ෂණ ලොවට ප්රවිශ්ට වීමට උචිත ලෙස සූදානම් කරමින් සිටී.අප විදුබිම තුළින් හෙට ලෝකයට පිවිසෙන දරුදැරියන්පරිගණක තාක්ෂණ ඥානය මෙන්ම විවිධ විෂයීය දැනුම යහපත් ආකල්ප හා විවිධ කුසලතා ඔස්සේයහපත් උගතුනන් ලෙස සමාජගතව මහා මෙහෙවරකනියැලෙන බව ඒකාන්තය.
දැනටමත් පාසලෙන් බිහිවු දරුවන් විවිධ විෂය ක්ෂේත්රයන් ඔස්සේ විවිධ උසස් වෘත්තීන්ගේ නයැලෙමින් සිටින අතර,ඔවුන් කීර්තිමත්ආදි සිසු සිසුවියන් ලෙස පාසල් ඉතිහාසය එක් වේ.මෙසේ වසරින් වසර ආචාර්ය මණ්ඩලය සමඟ සිසු දරු දැරියන්ගේ අනාගතය සඳහා අප සැම දරන ප්රයත්නයන් මල්ඵල දරා විදුබිමේසුගන්ධය දස දෙස පැතිරවායී ප්‍රාර්ථනා කරන අතර සිසු දරුදැරියන් සයිබර් අවකාශයේ සැරි සරන්නට පියාපත් ලැබී දොරටවඩින අද දින ඊට ඉඩ ප්‍රස්තා සැලසූ සියලු දෙනාටම පාසලේ ගෞරවය පුද කරමි.
විදුහල්පති
කේ්.එම්.විජිත් දේශප්‍රිය මයා