නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය

විවිධ විෂය ක්ෂේත්රයේ හා විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ක්‍රියාවට නංවමින් ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලයේ සිප් සතර හදාරන සිසු දුවා දරුවන්ගේ දැනුමින් මෙන්ම යහපත් ආකල්පයන්ගේ හා අනෙක් විද කුසලතාවයන්ගෙන් පරිපූර්ණ දරු දැරියන් ලෙස සමාජගත ඉමහත් කාර්යභාරයක යෙදී සිටින අප විද්‍යාලය රුවන්පුර ඇති විදුමාතාවන් අතර දිදුලන විදුබිමක් බව ප්‍රකාශ කරනුයේ ඉතා සතුටිනි.
ගුණ නැණ සපිරි සුසුමාහිත පෞරුෂයකින් හෙබි ඵලදායි දරුවන් හෙට ලෝකයට බිහි කිරීමේ මහඟු කාර්යන් යෙදී සිටින දෙමුවාත විදු මෑණියන් තම දැකීම කරා ප්‍රවිෂ්ඨ වනු වස් හසල සතු සිසු ගුරු මහත්ම මහත්මීන් මෙන්ම පාසල සතු භෞතික සම්පත් නිසි ලෙස පරිහරණයේ හා ඒවා ඵලදායීව යොදාගනිමින් දක්ෂතාවන් හා අපේක්ෂාවන් උපරිම ලෙස වර්ධනය කරගෙන අනාගත ලොව තුළ සිසු දරුදැරියන් මුහුණ දෙන අභියෝගය හමුවේ පසු නොබැස නොබියව මුහුණ දිය හැකි ශක්තියකින් යුක්ත ගුණ ධර්මවලින්ද දැනුමින්ද පරිපූර්ණ , දරුවන් පිරිසක් සේම සොබා දහමට සතා සිවුපාවට ආදරය කරන කාර්යක්ෂම, සමාජයට වැඩදායී දරු පිරිසක් සමාජගත කිරීමට උචිත මහා මෙහෙවරක අද නියැලී සිටී.
එයින් වසරක් පාසා විශ්ව විද්‍යාල ගතවන,වැඩ ලෝකයට එක්වන විවිධ වෘත්තීන්හි නියැලී රට ජාතිය උදෙසා මහා කාර්යභාරගත යෙදෙන නැණ ගුණ සපිරි පුරවැසියන් සමාජගතව සිටීම විදුබිමේ කිතුගොස දස දෙස පැතිර යාමට හේතු වී තිබේ.
කේ.සී.බණ්ඩාර මෙය