Sport Achivements
34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ
34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ රැසක් දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය දිනා ගනියි.
පසුගිය දා කුලරත්න විද්‍යාලයේ පැවති 34 වන යෞවන මලල කීුඩා උළෙලට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය සහභාගි වූයේ තවත් ජයග්‍රහණය රැසක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
එය හරියටම හරි ගියේය. එනම් බාලිකා දැල්පන්දු අනුශූරතාවයත් බාලිකා අත් පන්දු අනුශූරතාවයත් පමණක් නොව මලල කීුඩා ජයග්‍රහණය රැසකුත් සමග සමස්ත අනු ශූරතාවය දිනා ගැනීමට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජයට හැකි විය.
අප විද්‍යාලයේ ගරු විදුහල්පති තුමාගේ උපදෙස් මත මෙහෙයවන කීුඩා අංශයේ සියලු ගුරු භවතුන්ගේ මගපෙන්වීමෙන් ලබන මෙම ජයග්‍රහණය සැම දෙනාටම ලොකු සතුටක්.
මලල කීුඩා තරගවලදී පහත නම් සදහන් සිසුන් විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා.
01.ආර්.එච්.එම්.එන්.දේශාන්
02.කේ.ජනිත කෞෂාල්
03.සසිදු කල්හාර
04.හෂාන් ජයතුංග
05.සසිදු නිම්සර
06.කේ.වී.ටී.නෙත්මි නිම්ෂා
ඉහත නම් සදහන් සියලුමදූ දරුවන්ට සුභ පතන ගමන් සෞඛ්‍යය සම්පන්න කුසලතාවාදී දරු කැලක් දෙමුවාතින් රටට දායාද වේවායි පුාර්ථනා කරනවා.
මාධ්‍ය ඒකකය
ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය
2023/09/05.




img class="x16dsc37" src="data:;base64," width="18" height="18" />
img class="x16dsc37" src="data:;base64," width="18" height="18" />
All reactions:
122Yvonne Paranayapa, Janaka Disanayaka and 120 othersදැල්පන්දු කණ්ඩායමේ ශිෂ්‍යාවන්
අභියෝග මැදින් පෙරටම.......
දෙමුවාත දරුවෝ දක්ෂයෝය.සෑම අතින්ම ඉදිරියට යන්නට උත්සාහ කරති.ඒ සදහා ගරු විදුහල්පති තුමාගේ නායකත්වය මෙන්ම ඒ ඒ විෂය භාර ගුරුවරුන්ගේ කැපවීමද අති මහත්ය.
පසුගිය දිනවල අප පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ශිෂ්‍යාවන් සබරගමුව පළාත් යන්නට සුදුසුකම් ලැබූවද ගමනට අවශ්‍ය මුදල් සොයා ගැනීම අභියෝගාත්මක විය. නමුත් පසුබට වූයේ නැත. අච්චාරු පැලක් කොට මුදල් ටිකක් සොයා ගත් අතර මේ බව දැන ගත් අළුත් පාර ආරියදාස ජෙම්ස් අධිපති ආරියදාස මැතිතුමා රුපියල් දස දහසක් පරිත්‍යාග කළේ දරුවන්ට තරගයට යන්නට ගමන් වියදම් පියවා ගැනීමටය. එමෙන්ම දෙමුවාත කේ.ඒ.මුනිදාස මහතාගේ ආදරණීය පුතණුවන් වන රසිකා කොඩිතුවක්කු මැතිතුමා රුපියල් දස දහසක් පරිත්‍යාග කළේ ගමන් වියදම් පියවා ගන්නටය.
අපේ දැල්පන්දු කණ්ඩායම සබරගමුව පළාත් තරගයට සහභාගි වූයේ ඒ විදිහටය. සිසු දරුවන් දක්ෂ වන අප පාසලට මෙවැනි පරිත්‍යාගශීලින් සිටින බව සිහිපත් කරන්නේ හෘදයාංගම වූ සිතිණි.
මාධ්‍ය ඒකකය
ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය
2023/0817.
සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරග
ගමන සුභයි ජය නියතයි.
සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරගාවලියේ පළමු තැන දෙමුවාත විද්‍යාලයට........
එදා සෙනසුරාදා දිනයකි. උදෑසන ම අප පාසලේ දූ දරුවන් සූදානම් වූයේ සංගීත සමූහ තරගාවලිය සදහා ඇඹිලිපිටිය උඩගම විද්‍යාලයට යාමටය. උදෑසනම බුදුන් වැද පිටත් වූ ගමන සුභ ගමනක් වීමට හොදටම අවකාශ තිබුණි.
මක් නිසාද යත් මෙම සංගීත තරගාවලියට අභියෝගයක්ව පැවතිණි එනම් මෙම තරගාවලියට සහභාගි වීමට පැවතියේ සීමිත දින කීපයකි. ගුරු තුමියද නවකය. පෙර පුහුණුව සිදු කළේ ද කඩිනමින්ය.ඒ මදිවාට මෙම තරගාවලියට සහභාගි වන සිසුවියන් කීපදෙනෙක් ඇඹිලිපිටිය රජකීය පාසලේ කලාප සිංහල භාෂා දින තරගයටද සුදුසුකම් ලබා තිබුණි.එයදයෙදී තිබුණේ එදාටමය.
නවක ගුරු තුමිය ඒ කිසිවකින් සැලුණේ. ඇය ගුරු වෘත්තියට නවක වුවද වැඩ වලදී පෙන් වූයේ අත්දැකීම් සපිරි දක්ෂ ගුරුවරියකගේ කුියාකලාපයකි.
අවසානයේ තරගයට ඉදිරිපත් වූ සංගීත අංශයේ සමූහ තරගාවලියෙන් දෙමුවාත විද්‍යාලය ඇඹිලිපිටිය කලාපයේ පළමුවැනියා විය.
තෙරුවනේ බල මහිමයත් ගරු විදුහල්පති තුමාගේ නිවැරදි උපදේශකවයත් තරුණ ගුරුතුමියක වූ සචිනි ගුරු මෙනවියගේ කැපවීමත් මෙන්ම කුසලතාවාදී දරුවන්ගේ දක්ෂතාවයත් සමග දෙමාපිය ආශීර්වාදයත් සමග නැවතත් දෙමුවාත විදු මාතාව ඉතා ඉහළින්ම ඔසවා තබන්නට සැමට හැකිය.
මාධ්‍ය ඒකකය
ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය
දෙමුවාත.
2023/07
අභ්‍යාස පොත් කට්ටල බෙදා දීම
ර/අැඹි/දෙමුවාත විද්‍යාලයේ සිසු දූ දරුවන් 350කට ආසන්න පිරිසකට හේෂා විතානගේ පදනම මගින් අභ්‍යාස පොත් කට්ටල බෙදා දීම අද දින (2023/06/13) අප දෙමුවාත පාසලේදී සිදු විය.
මේ සදහා කටයුතු කළ සැමට පාසල වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පිරිනමන්නෙමු.
කොඩි කණු එසවීමේ අංගනය
දෙමුවාත විද්‍යාලයට කොඩි කණු එසවීමේ අංගනයක් නුදුරේදීම....
දෙමුවාත විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද හරි අපූරුය. එනම් ඔවුන් තමාගේ ජීවිත ගොඩනැගූ තම ආදරණීය පාසලේ දියුණුවට යමක් සිදු කිරීමට සිය ගත සිත යෙදවීමට කිසිවිටක පසුබට නොවේ.
ඒ අනුව අප විද්‍යාලයේ වත්මන් විදුහල්පති තුමාගේ උපදෙස් මත පහත ඡයාරූපයේ දක්නට ලැබෙන කොඩි කණු එසවීමේ අංගනයක් ඉදි කිරීමට 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත්ව සිටිති.
එය ඉතා සුභදායී ආරංචියකි.ඒ අනුව ඉදිරියේදී පාසලේ ඉදි වෙන කොඩි කණු එසවීමේ අංගනය උත්සව අවස්ථාවක පමණක් නොව පාසලටම අභිමානයක් ගෙනේවි.මෙලෙස මෙම කටයුත්ත සිදු කිරීමට මහන්සි වන 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායමට සුභ පතන්නෙමු.
මාධ්‍ය ඒකකය.
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය.
2023/08/24.




