ඇඹිලිපිටිය කලාපයේ සිංහල භාෂා (වාචික) තරගාවලියේ ජයග්‍රාහී දරුවන් මෙම මස අගදී සබරගමුව පළාත් තරගයට ඉදිරිපත් වෙති.
සිංහල භාෂා දින වාචික කලාප තරග පසුගිය දා ඇඹිලිපිටිය ජාතික පාසලේදී පැවැත්විණි. එහිදී අප පාසලෙන් ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් තරග ඉසව් අටක් සදහා හය දෙනෙකු සබරගමුව පළාත් තරගයට සුදුසුකම් ලැබීය. එනම් ඡායාරූපයේ වමේ සිට දකුණට කියවීම පුථම සහ කථික දෙවන ස්ථානය 6 ශේුණියේ ජයලි මෙතායා උදාවින්දි, පද්‍ය ගායනා දෙවන ස්ථානය 12 ශෙු්ණියේ දිල්මි රශ්මිකා, කථික පුථම ස්ථානය 12 ශෙු්ණියේ හෂාරා සෙනෝලි, පද්‍ය ගායනා පුථම සහ කියවීම දෙවන ස්ථානය 8 ශෙු්ණියේ සස්මි සයුනිමා, පද්‍ය ගායනා දෙවන ස්ථානය 8 ශෙු්ණියේ චක්‍රාංගි ලෝචනා දිනාගනු ලැබූ අතර ඡායාරූපයේ නොසිටියත් 11 ශෙු්ණියේ රශ්මික පුභාශ්වර පද්‍ය ගායනා තරගයෙන් පුථම ස්ථානයට පත් විය. මෙම මස 31 වනදා සහ සැප්තැම්බර් 01 වනදා මෙනේරිපිටිය සම්පත් මධ්‍යස්ථානයේ දී සබරගමුව පළාත් සිංහල භාෂා (වාචික) තරගයට මුහුණදෙන අපේ දරුවන් සබරගමුවේ පළමුවැනියා බවට පත් වී සමස්ත ලංකාවෙන්ම පළමුවැනියා බවට පත් වීමට තෙරුවන් සරණින් සමන් දෙවි රැකවරණින් ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි පුාර්ථනය කරන්නෙමු.
මාධ්‍ය ඒකකය ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය 2023/08/17.
කුසලතාවයෙන් දෙමුවාත විදු මාතාව බබළවන දයාබර දියණියනි, පුතනුවනි, ඔබට ජයෙන් ජයම වේවා!
34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ රැසක් දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය දිනා ගනියි.පසුගිය දා කුලරත්න විද්‍යාලයේ පැවති 34 වන යෞවන මලල කීුඩා උළෙලට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය සහභාගි වූයේ තවත් ජයග්‍රහණය රැසක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එය හරියටම හරි ගියේය. එනම් බාලිකා දැල්පන්දු අනුශූරතාවයත් බාලිකා අත් පන්දු අනුශූරතාවයත් පමණක් නොව මලල කීුඩා ජයග්‍රහණය රැසකුත් සමග සමස්ත අනු ශූරතාවය දිනා ගැනීමට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජයට හැකි විය. අප විද්‍යාලයේ ගරු විදුහල්පති තුමාගේ උපදෙස් මත මෙහෙයවන කීුඩා අංශයේ සියලු ගුරු භවතුන්ගේ මගපෙන්වීමෙන් ලබන මෙම ජයග්‍රහණය සැම දෙනාටම ලොකු සතුටක්. මලල කීුඩා තරගවලදී පහත නම් සදහන් සිසුන් විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා..
01.ආර්.එච්.එම්.එන්.දේශාන්02.කේ.ජනිත කෞෂාල්03.සසිදු කල්හාර04.හෂාන් ජයතුංග05.සසිදු නිම්සර06.කේ.වී.ටී.නෙත්මි නිම්ෂාඉහත නම් සදහන් සියලුමදූ දරුවන්ට සුභ පතන ගමන් සෞඛ්‍යය සම්පන්න කුසලතාවාදී දරු කැලක් දෙමුවාතින් රටට දායාද වේවායි පුාර්ථනා කරනවා.
මාධ්‍ය ඒකකයර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය 2023/09/05.
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායමෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්