- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
අභ්‍යාස පොත් කට්ටල බෙදා දීම
ර/අැඹි/දෙමුවාත විද්‍යාලයේ සිසු දූ දරුවන් 350කට ආසන්න පිරිසකට හේෂා විතානගේ පදනම මගින් අභ්‍යාස පොත් කට්ටල බෙදා දීම අද දින (2023/06/13) අප දෙමුවාත පාසලේදී සිදු විය.මේ සදහා කටයුතු කළ සැමට පාසල වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පිරිනමන්නෙමු.Administrator News & Highlights 0 -
සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරග
ගමන සුභයි ජය නියතයි.සංගීත අංශයේ ඇඹිලිපිටිය කලාප තරගාවලියේ පළමු තැන දෙමුවාත විද්‍යාලයට........එදා සෙනසුරාදා දිනයකි. උදෑසන ම අප පාසලේ දූ දරුවන් සූදානම් වූයේ සංගීත සමූහ තරගාවලිය සදහා ඇඹිලිපිටිය උඩගම විද්‍යාලයට යාමටය. උදෑසනම බුදුන් වැද පිටත් වූ ගමන සුභ ගමනක් වීමට හොදටම අවකාශ තිබුණි.මක් නිසාද යත් මෙම සංගීත තරගාවලියට අභියෝගයක්ව පැවතිණි එනම් මෙම තරගාවලියට සහභාගි වීමට පැවතියේ සීමිත දින කීපයකි. ගුරු තුමියද නවකය. පෙර පුහුණුව සිදු කළේ ද කඩිනමින්ය.ඒ මදිවාට මෙම තරගාවලියට සහභාගි වන සිසුවියන් කීපදෙනෙක් ඇඹිලිපිටිය රජකීය පාසලේ කලාප සිංහල භාෂා දින තරගයටද සුදුසුකම් ලබා තිබුණි.එයදයෙදී තිබුණේ එදාටමය.නවක ගුරු තුමිය ඒ කිසිවකින් සැලුණේ. ඇය ගුරු වෘත්තියට නවක වුවද වැඩ වලදී පෙන් වූයේ අත්දැකීම් සපිරි දක්ෂ ගුරුවරියකගේ කුියාකලාපයකි.අවසානයේ තරගයට ඉදිරිපත් වූ සංගීත අංශයේ සමූහ තරගාවලියෙන් දෙමුවාත විද්‍යාලය ඇඹිලිපිටිය කලාපයේ පළමුවැනියා විය.තෙරුවනේ බල මහිමයත් ගරු විදුහල්පති තුමාගේ නිවැරදි උපදේශකවයත් තරුණ ගුරුතුමියක වූ සචිනි ගුරු මෙනවියගේ කැපවීමත් මෙන්ම කුසලතාවාදී දරුවන්ගේ දක්ෂතාවයත් සමග දෙමාපිය ආශීර්වාදයත් සමග නැවතත් දෙමුවාත විදු මාතාව ඉතා ඉහළින්ම ඔසවා තබන්නට සැමට හැකිය.මාධ්‍ය ඒකකයර/ඇඹි /දෙමුවාත මහා විද්යාලයදෙමුවාත.2023/07Administrator News & Highlights 0 -
කොඩි කණු එසවීමේ අංගනය
දෙමුවාත විද්‍යාලයට කොඩි කණු එසවීමේ අංගනයක් නුදුරේදීම....දෙමුවාත විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද හරි අපූරුය. එනම් ඔවුන් තමාගේ ජීවිත ගොඩනැගූ තම ආදරණීය පාසලේ දියුණුවට යමක් සිදු කිරීමට සිය ගත සිත යෙදවීමට කිසිවිටක පසුබට නොවේ.ඒ අනුව අප විද්‍යාලයේ වත්මන් විදුහල්පති තුමාගේ උපදෙස් මත පහත ඡයාරූපයේ දක්නට ලැබෙන කොඩි කණු එසවීමේ අංගනයක් ඉදි කිරීමට 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත්ව සිටිති.එය ඉතා සුභදායී ආරංචියකි.ඒ අනුව ඉදිරියේදී පාසලේ ඉදි වෙන කොඩි කණු එසවීමේ අංගනය උත්සව අවස්ථාවක පමණක් නොව පාසලටම අභිමානයක් ගෙනේවි.මෙලෙස මෙම කටයුත්ත සිදු කිරීමට මහන්සි වන 1996 ශිෂ්‍යත්ව සහ 2002 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායමට සුභ පතන්නෙමු.මාධ්‍ය ඒකකය.ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය.2023/08/24.Administrator News & Highlights 0 -
දෙමුවාත විදුහලේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් ගැටුම
සාර්ථකව නිම වූ දෙමුවාත විදුහල් ආදී ශිෂ්‍ය ක්‍රිකට් ගැටුම.කණ්ඩායම් සියලු සාමාජිකයන්ට සහ විදුහල්පති තුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලයට සහ පුර්ණ අනුග්‍රහය දැක්වු සිරිල් මැණික් අධිපතිතූමන්ට ස්තුතිය.....Administrator News & Highlights 0