08 Sep2023 දෙමුවාත විදුහලේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් ගැටුම සාර්ථකව නිම වූ දෙමුවාත විදුහල් ආදී ශිෂ්‍ය ක්‍රිකට් ගැටුම. කණ්ඩායම් සියලු සාමාජිකයන්ට සහ විදුහල්පති තුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලයට සහ පුර්ණ අනුග්‍රහය දැක්වු සිරිල් මැණික් අධිපතිතූමන්ට ස්තුතිය.....
08 Sep2023 අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය කුසලතාවාදී දරු පිරිසක් අධ්‍යාපනය ලබන පාසලක දරුවන්ට නිවැරදි මංපෙත් පෙන්වන ගුරු මණ්ඩලය ඉතා වැදගත්ය. එම ගුරු මණ්ඩලය නිවැරදිව මෙහෙයවන නායකත්වය ඊටත් වඩා වැදගත්ය ඒ අනුව දරුවන්ගේ සහ ගුරු මණ්ඩලයේ අනාගත ඉලක්ක සහ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යා යුතු බව අවධාරණය කරමින් ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ හමුවක් අද දින ගරු විදුහල්පති තුමාගේ පුධානත්වයෙන් පවත්වන ලදී. මාධ්‍ය ඒකකය ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය.
08 Sep2023 34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ 34 වන යෞවන මලල කීුඩා උළෙලෙහි ජයග්‍රහණ රැසක් දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය දිනා ගනියි. පසුගිය දා කුලරත්න විද්‍යාලයේ පැවති 34 වන යෞවන මලල කීුඩා උළෙලට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජය සහභාගි වූයේ තවත් ජයග්‍රහණය රැසක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එය හරියටම හරි ගියේය. එනම් බාලිකා දැල්පන්දු අනුශූරතාවයත් බාලිකා අත් පන්දු අනුශූරතාවයත් පමණක් නොව මලල කීුඩා ජයග්‍රහණය රැසකුත් සමග සමස්ත අනු ශූරතාවය දිනා ගැනීමට දෙමුවාත විද්‍යාලයට අනුබද්ධ සිංහ යෞවන සමාජයට හැකි විය. අප විද්‍යාලයේ ගරු විදුහල්පති තුමාගේ උපදෙස් මත මෙහෙයවන කීුඩා අංශයේ සියලු ගුරු භවතුන්ගේ මගපෙන්වීමෙන් ලබන මෙම ජයග්‍රහණය සැම දෙනාටම ලොකු සතුටක්. මලල කීුඩා තරගවලදී පහත නම් සදහන් සිසුන් විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා. 01.ආර්.එච්.එම්.එන්.දේශාන් 02.කේ.ජනිත කෞෂාල් 03.සසිදු කල්හාර 04.හෂාන් ජයතුංග 05.සසිදු නිම්සර 06.කේ.වී.ටී.නෙත්මි නිම්ෂා ඉහත නම් සදහන් සියලුමදූ දරුවන්ට සුභ පතන ගමන් සෞඛ්‍යය සම්පන්න කුසලතාවාදී දරු කැලක් දෙමුවාතින් රටට දායාද වේවායි පුාර්ථනා කරනවා. මාධ්‍ය ඒකකය ර/ඇඹි /දෙමුවාත මහා විද්‍යාලය 2023/09/05.
08 Sep2023 ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල
08 Sep2023 2023 ඇසළ පෙරහැර දෙමුවාත විද්‍යාලයේ ඇසළ පෙරහැර අති සාර්ථකව අවසන් විය.......... දෙමුවාත විද්‍යාලයේ හරි පුදුම ස්කෝලයකි. ටොට්ටෝ චංලාට කදිම තෝතැන්තකි. මක් නිසාද යත් මෙහි ගරු විදුහල්පති තුමා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප වැඩි දියුණු කරන්නට පන්ති කාමරයේ අධ්‍යාපනය සේම විෂය බාහිර කුියාකාරකම් පිළිබඳව ද දැඩි උනන්දුවෙන් පසු වන බැවිනි. ඇසළ පෙරහැර මංගල්‍යය ද එලෙස දියත් වූ වැදගත් වැඩසටහනකි. මේ සදහා අපට බොහෝ දෙනෙකු උදව් කළේ පුදුමාකාර උනන්දුවකිනි.ඒ සියලු දෙනාම මතක් කරලීම අපගේ යුතුකමකි.ඒ අතර 01.අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ රත්නපුර දිසාවේ අධිකරණ සංඝනායක දෙමුවාත ශාන්ති නිඛේතනාරාමය පන්නිල බුදු ගල්ලෙන චන්දුාරාම විහාරයන්හි උභය විහාරාධිපති පූජ්‍ය ගොඩැල්ලේ නායක හාමුදුරුවන් වහන්සේ. 02. කහවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පන්නිල ශාන්ති නිඛේතනාරාමාධිකාරී මුළු දිවයිනටම සාමවිනිසුරු පූජ්‍ය පන්නිල රතනසාර ස්වාමීන් වහන්සේ. 03. රාවණා ලංකා මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිශ්ශංක මායාදුන්නේ මහතා 04. ගොඩකවෙල පුාදේශීය සභාවේ හිටපු ගරු සභාපති පුියන්ත බණ්ඩාර මහතා 05.රක්වාන පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමා පුමුඛ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්. 06. අප පාසලේ ආදි ශිෂ්‍ය සජබ කොට්ඨාස සංවිධායක දුමින්ද මහතා. 07.පැල්මඩුල්ල තේනු කුියේෂන්ස් ආයතනයේ අධිපතිතුමන් 08. අලුත් පාර චමින්ද මහතා. 09. අලුත් පාර සමෘද්ධි සමිතියේ නිලධාරිනී නන්දනි මහත්මිය. 10. අලුත් පාර රංග මහතා. 11. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු හොරමුල උපාලි මහතා. මේ අනුව අප පාසල තුළ කුියාත්මක කරන ලද 2023 අගෝස්තු මස 02 වන දින ඇසළ පෙරහැර මංගල්‍යය ගරු විදුහල්පති තුමාගේ උපදෙස් පරිදි ගරු නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුාථමික හා ද්විතීයික පන්ති භාර,විශේෂ පන්ති භාර, විෂය භාර ගුරු භවතුන් සේම සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ගේ පූර්ණ කැපවීමෙන් ද අප පාසලේ ආදරණීය දු දරුවන්ගේ දෙමාපියන්ගේ කැපවීමෙන් ද ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ සම්බන්ධයෙන්ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නන් අයුරින් පෙරහැර සදහා සිදු කළ සහභාගිත්වය මත දෙමුවාත විද්‍යාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමා වූයේ සැම දෙනාටම ලබන වසරේත් මෙවැනි පෙරහැරක් සිදු කිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙනි.සැමට තෙරුවන් සරණයි. මාධ්‍ය ඒකකය ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය දෙමුවාත