සබරගමුවේ දෙවන තැන දෙමුවාත විද්‍යාලයට......
පහතරට භාවාදීතාලය සිංදු වන්නම(සමූහ) සහ උකුසා චරිතය නිරූපණය(ඒකල) තරග වලින් ජය ලැබූ අපේ දරුවෝ සහ එම දරුවන්ට නිවැරදි මග පෙන්වන අපේම ගුරුභවතුන්.......
ඇඹිලිපිටිය කලාපයේ කේවල සහ සමූහ නර්තන තරගාවලියෙන් දෙමුවාත විද්‍යාලයට පළමු තැන......
ඊයේ පාසල් නිවාඩු දුන්නේය. නමුත් අද දින අප පාසලේ නර්තන විෂය භාර ගුරු භවතුන් වන ගයනි පරණයාපා ගුරුතුමිය මලීෂා ගුරුතුමිය අයේෂා ගුරුතුමිය අප පාසලේ කුසලතාදී ශිෂ්‍යාවන් නර්තන තරග සදහා ඇඹිලිපිටිය ජාතික පාසලට කැදවාගෙන ගියේ තවත් ජයග්‍රහණයකින් දෙමුවාත විදු මාතාව සරසවන්නටය.
එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ කරමින් අද දින ඉදිරිපත් වූ කේවල සහ සමූහ දෙඅංශයෙන්ම ඇඹිලිපිටිය කලාපයේ පුථමයා වීම වෙනුවෙන් අප විද්‍යාලයේ නර්තන තරග සදහා ඉදිරිපත් වූ සියලුම ශිෂ්‍යාවන් හට උණුසුම් සුභ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටෙනි.
සබරගමුව පළාතේද පළමු තැන ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පුාර්ථනා කරන්නෙමු.
මාධ්‍ය ඒකකය
දෙමුවාත විද්‍යාලය
2023/07/22.