ඵලදායීතා තරගාවලියේ සමස්ත ලංකා තෙවන ස්ථානය ලබා ගැනීම,සබරගමු පළාතේ පාසල් අතර පැවති ඵල සපිරි පාසල්
තේරීමේ තරගාවලියේදී රන් සම්මානයේන පිදුම් ලැබීම,ඩෙංගු වලින් තොර හාඳම පාසල් පරිසරය තේරීමේ ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පාසල් අතර පැවැත්වූ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීම වැනි ජයග්‍රහණ රැසක් ලබාගැනීමට දෙමුවාත විදුමාතාව වාසනාවන්ත වූයේ වත්මන් විදුහල්පති කේ.එම්.විජි.ත් දේශප්‍රිය මැතිදුන්ගේ නිවැරදි නායකත්වය මාර්ගෝපදේශය අවස්ථා උදාකිරීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මාපිය ප්‍රජාව සබරගමු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලදරුවන්,ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්,ගොඩකවෙල අධ්‍යාපන අධ්යක්ෂතුමන් ඇතුලු සෙසු අධ්‍යාපන නිලදරුවන්ගේ නියාමනයෙන් මෙන් ම විද්‍යාලයීය සිසු දරු දැරියනගේ උත්සාහය හා කැපවීම නිසාවෙනි.එසේම පාසල තුළ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් දෙමුවාත විදුමාතාවගේ දරුදැරියන් විභාග සමත්වීම පමණක් ඉලක්ක ගත නොවී හෙට වැඩ ලෝකයට යහපත පුරවැසියෙකු ලෙස දායාද කිරීම අරමුණු කොටගෙන ක්‍රියාවට නංවන ක්‍රියාකාරකම් වේ.
ඒ් අතර බාලදක්ෂ ,ශාන්ත ජෝන් ගිලන් හමුදාව ,පරිසර නියමු භට කණ්ඩායම් ,නාවික යුදහමුදා ශිෂ්‍ය භට කණ්ඩායම කැපී පෙනෙන අතර ,ආගමික වැඩසටහන්,විශේෂ දින සැමරුම් ,සාහිත්‍ය උත්සව ආගමික උත්සව හා වැඩසටහන් ද ක්‍රියාත්මක වන වග පවසන්නේ නිහතමානී ආඩම්බරයකින් යුතුවය.විෂය සමගාමී තරගාවලියන්හිදී දෙමුවාත විදුබිමේ දරුදැරියන් වාර්ෂිකව අත්කරගන්නා ජයග්‍රහණ බොහෝය.සිංහල භාෂා හා සාහිත්‍ය දින තරඟාවලින්හිදී කලාප, පළාත් සමස්ථ ලංකා මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමත්, සංගීත, නර්තන , නාට්‍ය හා චිත්‍ර තරඟවලින් කලාප, පළාත් මට්ටමේ සහ සමස්ථ ලංකා ජයග්‍රහණ ලබා ගැනීමත්, ඉංගීසි දින තරඟවලින් ද සමස්ථ ලංකා ජයග්‍රහණ පවා අත්පත් කර ගැනීමට අපේ දක්ෂ දරුවන් ට හැකි ව තිබීම , ගෘහ විද්‍යා තරග , සමාජ විද්‍යා, ගණිත තරගාවලියන් හිදී පවා පලාත් ජයග්‍රහණ සිසු දරු දැරියන් ලබා තිබීම. ඇතැම් ක්‍රීඩා තරග ඉසව්වලින් සමස්ථ ලංකා ජයග්‍රහණ ලැබීමට තරම් දෙමුවාත විදු බිමේ ඇතැම් සිසු දරු දැරියන් ට අවස්ථාව උදා වීම දෙමුවාත විදු බිම ලද භාග්‍යක් කොට සැළකිය හැකිය.
විභාග ජයග්‍රහණ
අ.පො.ස උසස් පෙළ විභාගය සමතුන් 100% දක්වා ප්‍රතිශතය පැවතීම, අ.පො.ස (සා පෙළ) විභාගය සමත්වීම 68% ක පැවතීම, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගේ වැඩිම සමත් ජයග්‍රහණ මෑත වර්ෂවල ඉහළ මට්ටමක පැවතීම, විශ්වවිද්‍යාල වරම් වසරකට දෙදෙනකුට හෝ කීප දෙනෙකුට හෝ හිමිවීම, වර්තමානයේ දක්නට ලැබෙන ප්රවණතා ලෙස දැක්විය හැකිය. වත්මන් විදුහල්පතිතුමන් ගේ නිවැරදි නායකත්වය හා ආචාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සිසු දරු දැරියන් ලබන මෙම ජයග්‍රහණය අභියස මහත් ආශිර්වාදයක් වීම සැබෑවකි.
සමස්ථ ලංකා (2008-2010)
කිරිමිශ්ර ආහාර සෑදීම 01 ස්ථානය O.V. වින්ද්‍යා මධුෂානි සහ නදුන් නිරෝෂන්
පෝෂදායී ආහාර වේල් 02ස්ථානය I.G.තමරා නිලන්ති
පළාත් කුසලතා (2008)
2008 සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙය වූ ගෘහ ආර්ථික විද්‍යා තරඟ ප්‍රදර්ශනය
U.A.N.දේශප්‍රිය 01ස්ථානය කිරි භාවිතා කරමින් බීම වර්ග
W.V වින්ද්‍යා මධුෂානි 01ස්ථානය කිරි භාවිතා කරමින් බීම වර්ග
M.G තමාරා නිලන්ති 01ස්ථානය පාසල් ළමුන් සදහා පෝෂදායී ආහාර
E.G.C.L අනුරසිරි 02ස්ථානය අපතේ යන ද්‍රව්‍ය වලින් බිත්ති සැරසිලි
M.G තමාරා නිලන්ති 03ස්ථානය උත්සව ආහාර වේල්
K.M/G.N.N බණ්ඩාර 03 ස්ථානය අපතේ යන ද්‍රව්‍ය වලින් බිත්ති සැරසිලි
කලාප කුසලතා
2008 M.G තමාරා නිලන්ති තාක්ෂණික කුසලතා
2009 M.G තමාරා නිලන්ති National Oral Health Programme
කොට්ඨාස කුසලතා (2019)
(අපතේ යන ද්‍රව්‍ය වලින් බිත්ති සැරසිලි )
1. සමාධි නෙත්මිනි
2.W.A.ඉමාෂි එරන්දිකා
3.K.M.බිම්සර දුලංජන
4.R.A.චාමික සිතුම්
There are no articles in this category. If subcategories display on this page, they may