අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

රුවන්පුරට
මිණි පහනක් බඳු දෙමුවාත සොඳුරු විදුබිම.....
සබරගමු පුරවර - මිණිපුර බැඳුණු සුපතළ
දෙමුවාත විදුමව් කැල - දිලෙන තරු කැට බඳුය සිසුකැල
රක්වාන සොඳුරු කඳු පියසට හා නාහිටිය සුවිසල් වන රක්ෂිතයමායිම් කොටගෙන දෙමුවාත ගම් පියසෙහි ජනිත ර/ඇඹි දෙමුවාත මහා විද්‍යාලය වනාහි ගුණ නැණ දහමින් පිරිපුන් ශික්ෂණයකින් හා පෞරුෂයකින් හෙබි 800කට ආසන්න සිසු දරු දැරියන් පිරිසකගෙන් සැදුම් ලත් , විදු බිමකි.සුචරිතවත් සිසු දරු දැරියන් ලොවට දායාද කරන විදු මෑණියන් සිය දරුවන්අනාගත ලෝකයට දායාද කරනුයේ දැනුමෙන් යහපත් ආකල්ප වලින් මෙන්ම විවිධාකාර දක්ෂතා වලින් පරිපූර්ණ දරුවන් පිරිසක් ලෙසිනි ම සත්කාරය අරමුණු කරගත් දෙමුවාත විදු බිමේ විදූ පති මැතිදුන් පෙරට කොට ගත් නිපුණ ඇදුරු මඩුල්ල ගන්නා අනේක විද ක්‍රියාමාර්ගයන් නිසාවෙන් විදු බිමේ යසසදිශානතිය පුරා පැතිරී ගුණ සුවඳ විකසිත කරමින් සිටී.






