ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක් සැප්තැම්බර් මස 27,28 දෙදින තුළ යෝධගම පිහිටි ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
ඒ සඳහා අප විද්‍යාලය නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් 15 දෙනෙකු පමණ සහභාගී වූහ.ඇඹිලිපිටිය නායකත්ව පුහුණු කඳවුර තුළ දින දෙකක් පුරාවට සාර්ථකව පුහුණුව ලැබූ සිසු සිසුවියන්ට මාර්ගෝපදේශනය සැපයීම මලීෂා මෙනෙවිය විසින් සිදු කරන ලදී.