2022 ඔක්තොම්බර් 01 වැනි දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීණි.
ර/ඇඹි/දෙමුවාත විදුබිමේ දුවා දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව නගා සිටුවීම අරමුණු කොටගෙන 2022 සැප්තැම්බර් 30 දින පෙ..ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැවැති ළමා දින සැමරුම් උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ප්‍රාථමික අංශයේ මෙන් ම ද්විතියික අංශයේ ද දුවා දරුවන්ගේ මානසික සුවය උදෙසා පැවැති මෙම ළමා දින සැමරුම් අවස්ථාවන් සිසුන්ගේ නිර්මාණයන්, විශේෂාංගවලින් හා නාට්‍යවලින් මෙන් ම ගුරුභවතුන්ගේ විශේෂාංගයන්ගෙන් ද වර්ණවත් විය.
ඒසේම මෙදින සිසු දරු දැරියන් වෙනුවෙන් දිවා ආහාරයද, අයිස්ක්‍රීම් සංග්රහහයකද පැවති අතර, දෙමව්පියන්ගේ දායකත්වයද නොමදව ලැබුණ. මෙම උත්සවය වසර කීපයයක් තිස්සේ සහරාන් ත්‍රස්තවාදයෙන්ද, COVID-19 මාරාන්තික වෛරසය ලොව පුරා පැතිර යාම, අයහපත් ආර්ථික තත්ත්වය මතද, ප්‍රවාහහන දුෂ්කරතා මතද,වරින්පාසල් වසා දැමීමමත් නිසා පාසල් ඉගෙනීම් කටයුතූ වලින් බැහැරව සිටීමට සිදුවවීමත් නිසා සිසුන්ගේ බිඳ වැටුනු මානසික ශක්තිය නැවත ගොඩනගා ගැනීමට ද බෙහෙවින්ම ඉවහල් විය. ළමුන් ප්‍රීතියෙන් හා කෙළිදෙළින් ගත කළ මෙම හෝරා කීපය දරුවන්ට ර්ප්රතිමත් අඅවස්ථාවක් වූ බව නොඅනූමානය.